tcmoneragala@dtet.gov.lk

+94 552 277 567

logoaa_top
Department-Logo

පැණ විසඳුම්

Quick Menu

කාර්මික විද්‍යාලයේ පාඨමාලාවන්ට සිසුන් බඳවා ගැනීම සම්භන්ධව වසරේ මැයි මස තුළදී ගැසට්නිවේදනයක් හා පුවත් පත් නිවේදන නිකුත් කෙරේ. සිසුන් ඇතුලත් කරගැනීමේ අයදුම්පත වෙබ් අඩවියෙන්ද බාගත හැකිය. සම්පූර්ණ කරන ලද අයදුම්පත් අවසන් දනට ප්‍රථම අදාල කාර්මික විද්‍යාලය වෙත සාමාන්‍ය තැපෑලෙන් හෝ විද්‍යුත් තැපෑලෙන් යැව්ව හැකිය. සියලුම කාර්මික විද්‍යාලයන්හි ලිපිනයන් www.techedu.gov.lk වෙබ් අඩවියෙන්ද ලබා ගත හැකිය. සෑම කාර්මික විද්‍යාලයකම පිහිටුවා ඇති වෘත්තීය මාර්ගෝප දේශන කාර්යාලයට යෑමෙන්ද ඕනෑම අවස්ථාවකදී පාඨමාලාවක් සඳහා ලියාපදිංචි විය හැකිය.

www.techedu.gov.lk වෙබ් අඩවියේ පාඨමාලා තොරතුරු සඳහා වෙන් කර ඇති වෙබ් පිටුවේ ඇතුලත්විමේ සුදුසු කම් වළට අනුව කාර්මික විද්‍යාල පාඨමාලා වර්ගීකරණය කරඇත. එම තොරතුරු නිරීක්ෂණය කිරීමෙන් ඔබට සුදුසු පාඨමාලාවක් තෝරාගත හැකිය.

මෙම වෙබ් අඩවියේ පාඨමාලා තොරතුරු සඳහා වෙන් කර ඇති වෙබ් පිටුවේ විවිධ කර්මාන්ත අංශයන්ට අනුව පාඨමාලා වර්ගීකරනය කරඇත. එම ‍තොරතුරු නිරීක්ෂණය කිරීමෙන් ඔබට සුදුසු පාඨමාලාවක් තෝරාගත හැකිය.

ලබාගත හැකි ආකාර දෙකක් ඇත :

  • කාර්මික විද්‍යාලයේ ජාතික වෘත්තීය සහතික පත්‍ර පාඨමාලාවක් හැදෑරීමෙන්.
  • වෘත්තීය කුසලතා පෙර හඳුනා ගැනීමේ ක්‍රියාවලිය (RPL System) මඟින්
    (මේ පිළිබඳ වැඩිවිස්තර මෙම වෙබ් අඩවියේ සාමාන්‍ය තොරතුරු සඳහා වෙන් කර ඇති වෙබ් පිටුවෙන් ලබා ගත හැකිය. වැඩිවිස්තර සඳහා මෙම වෙබ් අඩවියට පිවිසෙන්න.

පුහුණුව ලබන කාලය තුලදී ලබාදෙන වරප්‍රසාද පිළිබඳව තොරතුරු www.techedu.gov.lk වෙබ් අඩවියේ සාමාන්‍ය තොරතුරු සඳහා වෙන් කර ඇති වෙබ් පිටුවේ (General Information)සඳහන් වේ.

කාර්මික විද්‍යාලයේ පවත්වන පාඨමාලා සඳහා අයකිරීමක් සිදුනොකෙරේ. නමුත් අර්ධ කාලීන පාඨමාලා සඳහා අයකිරීමක් සිදුකෙරේ.

Course fee:

  • පාඨමාලා කාලය එක් වසරකට වැඩි අර්ධ කාලීන පාඨමාලා සඳහා රු 2000.00 බැගින් අය කෙරේ
  • එක් අවුරුදු අර්ධ කාලීන පාඨමාලා හා කෙටිකාලීන පාඨමාලා සඳහා රු 1500.00 බැගින් අය කෙරේ.

ශිල්පීය පාඨමාලාවන් හදාරා අවසන් කරන සිසුන්ට පහසුවෙන් රැකියා අවස්ථාවන් ලබාගැනීමේ සම්භාවිතාවක් ඇත. එම සිසුන් ස්වයංරැකියාවක් ආරම්භ කිරීමේ සම්භාවිතාවද ඉහලය.

මෑතකදී රත්දලානේදී ආරම්භ වූ වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ වෘත්තීය තාක්ෂණය පිළිබඳ උපාධි පාඨමාලාවක් පඅවඅත්වේ. උපාධි මට්ටම තෙක් වන ජාතික වෘත්තීය සහතික පත්‍ර පාඨමාලා ව්‍යුහය යටතේ වෘත්තීය තාක්ෂණය පිළිබඳ උපාධියක් ලබාගැනීමේ අවස්ථාව ද‍ැන් සිසුන්ට උදාකරදීඇත.